Monday, August 23, 2021

මාරයා යනු කවුරුන්ද?

 ඇත්ටටම කවුද මේ මාරයා

පිවිස නරඹන්න.



https://youtu.be/21xuhe_Rg3c

මාරයා යනු කවුරුන්දැයි  හඳුනාගන්න.මාරයා යනු පරිනිම්මිත වසවර්තිය හෙවත් වෛකුණ්ටයේ අධිපතියායි. මෙහිදී ඔබ බොහෝ දුරට අසා ඇති ඉන්ද්‍ර ඇතුළු දෙවියන් විසින් එක් අයෙකුට පැමිණිලි කලා කියලා. එනම් ඉන්ද්‍ර ඇතුළු දේව මණ්ඩලය මාරයාගේ යටිපතුල් ලෙවකෑවුන් වේ. මාරයා අසුර විරෝධියෙකු ජාතිවාදියෙකු වී දෙවියන්ගෙන් සිත් දිනාගනිමින් විශ්වයේ වැජඹී සිටී. මාරයා නම් කාම සුගති ලෝක තලයේ ඉහළම ලෝකය වන පරිනිම්මිත වසවර්තියේ අධිපතියා වේ යනුවෙන් අදහස් වන්නේ විශ්වයේ ඉන්න සශ්‍රීකත්වයෙන් අධිකම තැනැත්තා වේ. ඔහු ලෝභ, ද්වේෂ, මෝහ යන ඒවායින් දැඩිලෙස මත්වූයෙක් වේ. බුදුන් වහන්සේගේ එක් ධර්ම දේශනාවක තිබෙනවා මාරදිව්‍ය පුත්‍රයා යනු අනංගයා කියා. ගොඩක් දෙනෙක් පටලවාගෙන තිබෙනවා මාරයා හා මාර දිව්‍ය පුත්‍රයා යනු එක් අයෙක් කියා. මාර දිව්‍ය පුත්‍රයා යනු මාරයාගේ පුත්‍රයා වේ. මාරදිව්‍ය පුත්‍රයා නම් අනංගයාගේ දෙමාපියන් වන්නේ විෂ්ණු හා ලක්ෂ්මී වේ. සෞභාග්‍ය හා සශ්‍රීකත්වයට අධිපති වන්නේ ලක්ෂ්මීය, එබැවින් ලක්ෂ්මිගේ සැමියා වන්නේ විෂ්ණුය. බිරිඳ සශ්‍රීකත්වයට අධිපති නිසා විෂ්ණු මුළු විශ්වයේ ඉන්න සශ්‍රීකත්වයෙන් අධිකම තැනැත්තා වූයේ. නමුත් විෂ්ණු යනු දෙවියෙකු නොවේ පරමාත්මයෙක්. තුසිතයේ අධිපතියා දෙවියන්ගේ රජු ඉන්ද්‍ර සමස්ථ දේවයන්ගේ රජ වනවානම් මාරයා දෙවියෙක් නෙවේ. සමුදුර මතගාන කාලයේදී දුර්වාස සෘෂිගේ ශාපය නිසා සියළුම දෙවියන්ගේ බලය හා කීර්තිය හීන  වූවා. නමුත් විෂ්ණුගේ බලය හා කීර්තිය හීන වූයේ නෑ. එයින් පැහැදිලි වනවා විෂ්ණු යනු දෙවියෙකු නොවේ කියා. කතාවක් තිබෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් පිරිණිවන් මංචකයේදී එවකට සදෙව්ලොව අධිපති සක්‍ර දෙවියන් කැඳවා බුදු දහමේ ආරක්ෂාව විෂ්ණු වෙත භාර කරා යැයි කියා. එය අමූලික බොරුවකි. බුදුන් වහන්සේ ධර්මයේ ආරක්ෂාව භාර දුන්නේ එවකට සිටි සක්‍ර දේවයන්ගේ සහෝදරිය වූ උප්පලවන්නාටය. නමුත් විෂ්ණු එක කූට කුමන්ත්‍රණයක් සිදුකරා. එනම් උප්පලවන්නා හා උපුල්වන් (උපුල් = නිල්, වන් = වර්ණ/ නිල් පැහැ ශරීරය හිමි තැනැත්තා යන විෂ්ණුට හිමි දහසක් නාම වලින් එකක්‍ය ) නම් පටලවා බුදු දහමේ නියම ආරක්ෂාව භාර තැනැත්තාට නැතුව තමන් වෙත එම තැනැත්තාට ලැබෙන්නට අයිති පිං ලබාගැනීමට කුමන්ත්‍රණය කරනුලැබුවා එම පුන්‍ය අනුමෝදනා ගාථා ග්‍රන්ථාරූඪ කිරීමේදී. තවත් බොහෝ කතා තිබෙනවා නිවන උදෙසා භාවනා කරන තැනැත්තන්න්ට පොළඟෙකුගේ වේශයෙන් ඇවිත් දෂ්ඨ කර යනවා කියා. නමුත් භාවනාවේදී බුදු පිළිමයක් ඉදිරිපිට භාවනා කිරීමේදී මෙලෙස මාරයාගෙන් භාධා නොවනු ඇත. ඔබ අසා තිබෙනවා හෙළයේ රරවරුන් වන හෙළයේ මුල්ම රජු මහා සම්මත රජු, හෙළයේ මුල්ම සක්විති රජු හිරන්‍යාක්ෂ හා අනෙකුත් සක්විති රජවරුන් වන හිරන්‍ය කස්සප, තාරක, බලී, රාවණා යන රජවරුන් මෙන්න මථුරාපුරයේ රජුවූ කම්සා නොහොත් පෙර ආත්මයේදී බලී රජුගේ ආරක්ෂක අමාත්‍යවරයාවූ කාල්නෙමිවත් සංහාරය කරනු ලැබුවේ ඔය කෛරාටික නාරායන නම් විෂ්ණු හෙවත් මාරයාය. එමෙන්ම අනාගතයේදී කිරුළු නොපළන් හෙළයේ රජවන දියසෙන් කුමරු සංහාරය කිරීමට පැමිණෙන කල්කී නම් තැනැත්තාද එම මාරයාගේ මීළඟ අවතාරය වනවා. මේ මාරයා නොහොත් විෂ්ණුට බොහෝ දෙනා අමතනවා මේ මුළු ලෝකය සම්බුද්ධ සාසනය රකින උතුම් ශ්‍රී විෂ්ණු කියා. එසේ ගෞරවාර්ථයක් ලබාදීමට කොහෙත්ම සුවුසුවන්නේ නැත. මිත්‍යා දෘෂ්ඨිකයෙක්ගෙං අද ගොඩක් මිනිස්සු ධර්මය බලාපොරොත්තු වෙනවා. මෙය ඇත්තටම කනගාටුවට කාරණාවක්. මාරයාට වන්දනා කරාම ලැබෙන්නේ ලෝභය, දේෂය, මෝහය යනාදියයි. කොටින්ම කියනවා නම් විෂ්ණු නොහොත් මාරයා යනු කාමාතුරයෙකි. එසේ සඳහන් කරන්නේ රාම නම් මොහුගේ අවතාරය දණ්ඩක වනයේදී සුපර්ණිකා නම් රාවණා රජුගේ නැගණිය දැක කාමයෙන් මත්ව තමා වෙත පොළඹවා ගැනීමට කටයුතු කරා. එවිට සුපර්ණිකා කුමරිය රාමව ප්‍රතික්ෂේප කරා. එයින් කෝප වූ රාම සුපර්ණිකාගේ නාසය කපා උදරයට හීයකින් අනිනු ලැබුවා. ඊට පසු අවතාරය වන ක්‍රිෂ්ණා හට අනියම් සබඳතා 10000 + එහා පැවතී තිබෙනවා. එමෙන්ම විෂ්ණු හට තම ලෝකයේ ප්‍රධාන පතිනියන් වන ලක්ෂ්මී හා පෘථිවිට අමතරව තවත් භාර්‍යාවන් ලක්ෂයකට අධික ගණනක් සිටිනවා. මාරයා විශ්වයේ පැවැත්ම සදාකාලීකරණයට ලොල් වූ තැනැත්තෙකි. විෂ්ණු යනු ත්‍රී මූර්තියේ පැවැත්ම නියෝජනය කරන්නයි. ධර්මයෙන් අදහස් කරනේ සත්‍යාවබෝධයයි. මෙම සත්‍යාවබෝධයෙන් සත්වයා නිවන කරා ගොස් සංසාරය කෙටිකරගනු ලබනවා. බුදු දහමේ තිබෙනේ මාරයා මාර දූවරු ලවා බුදුන් වහන්සේගේ ධ්‍යාන බිඳ දැමීමට කටයුතු කරා කියා. මාරයාට අවශ්‍ය කරනු ලබන්නේ සංසාරය සදාකාලීකරණය කර ගැනීමටයි. බුදුවරයෙක් හෝ සක්විති රජෙකු පහළ වූ විට මිනිසුන් ධර්මයේ මාර්ගයේ ගොස් සත්‍යාවබෝධ කරගෙන සංසාර ගමන කෙටිකරගැනීමට කටයුතු කරනු ලබනවා. එබැවින් සංසාරය කෙටිවනවා. මෙයට මාරයා විරුද්ධයි සංසාරය කෙටිවී සංසාරයේ සදාකාලිකත්වයට බාධා ඇතිවන නිසා. එනිසා එයට විරුද්ධව මාරයා විවිධ දුෂ්ඨ පියවර ගනු ලබනවා. තවත් මතයක් පළවනවා ලංකාවේ උපුල්වන් දෙවියන් කෙනෙකු ගැන කියා. ඒ තැනැත්තා විෂ්ණු නොවේ. එනම් පළිකඳ නම් ලංකාවේ විසූ රජ කෙකෙකුය. නමුත් ඔහු විෂ්ණුගේ අන්ධ බැතිමතෙක්‍ය. එම අන්ධ භක්තිය නිසා තමාගේ පෙළපත් නාමය ලෙස උපුල්වන් ශ්‍රී විෂ්ණු යනුවෙන් එක්කර ගනු ලැබුවා. හොඳට මතක තියාගන්න මාරයාගෙන් ධර්මය බලාපොරොත්තු වෙන්න බැහැ බලාපොරොත්තු වීමට පුළුවන් වන්නේ ලෝභ, ද්වේෂ හා මෝහ යන අකුසලයි.ඔබ සමහර විට අසා තිබෙනවා ඇති අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ විෂ්ණු අවතාරයක් කියා භාරතීයන් පවසනවා හා එය අපේ රටේ මෝඩ මිනිසුන් එය සත්‍යක් යැයි කියා විශ්වාස කරනු ලබනවා. බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වූයේ සාරංසංකල්ප ලක්ෂයක් හා අසංකෙයිය 7ක් පාරමිතා, උප පාරමිතා හා පරමත්ත පාරමිතා යන පාරමිතා පුරා හා සිදුහත් කුමරු ලෙස ඉපිද වැඩිවියට පත්වී කාලයත් සමඟ චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන විසි නවවන වියේදි අභිනිෂ්ක්‍රමණය කර සය වසරක දුෂ්කරක්‍රියා කර එය පිටුවහළක් කරගෙනයි උන් වහන්සේ බුද්ධත්වය ලබාගනු ලැබුවේ, නැතුව විෂ්ණු නම් අධර්මියෙකුගේ අවතාරයක්ව ඉපිද නොවේ. එයින්ම පැහැදිලි වනවා බුදුන් වහන්සේව විෂ්ණුට වඩා පහත් අයෙකු ලෙස සමාජගතකිරීමට කුමන්ත්‍රණයක් කර තිබෙන බව. බුදුන් උපන් දේශයේ පටන් විවිධ ඒ හා ආසන්න රාජ්‍යන්ට බුද්ධ ධර්මය ව්‍යාප්‍ත වුනා. ඒ අතුරින් බෞද්ධයන් විශාල පිරිසක් විසූ රට වූයේ ඉන්දියාවයි. නමුත් බුද්ධ පරිණිර්වාණයෙන් පසුව සීග්‍ර ලෙස එරට බෞද්ධයන්ගේ ප්‍රතිශතය පහළ ගියා. එනම් ඉන්දියාවේ ජනගහනයෙන් 1%ත් වඩා ඉතා අඩු පිරිසක්‍ය. එසේ සිදුවීම මෙය විෂ්ණුගේ කුමන්ත්‍රණයක් නොවේද!, එමෙන්ම තවද ත්‍රිපිටකය හින්දු ආභාෂයෙන් ලියවීම මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයකි. මාරයාට අවශ්‍ය වන්නේ මිනිස්සු අඩුමගානේ මැරි මැරී හරි ජීවත්වනවාට ආශා කරනවා දැකීමයි. එමෙන්ම ඔබ කොයිම විටකදීවත් උප්පලවන්නා දෙවඟන, පළිකඳ රජු හා මාරයාව පටලවා නොගන්න!


ඔබ සැමට තෙරුවන් සරණයි මහා රාවණා නිරිඳු පිහිටයි!


Tuesday, May 18, 2021

සමුදුර මතගෑම, කෛරාටික නාරායන මහා බලී රජු රැවටීම


 දෙවිවරු, මිනිසුන්ට හපන්ය. මිනිස් ලෝකයේ මෙන්ම දිව්‍ය ලෝකයේද ගැටුම්, යුද ගැටුම්, පැහැර ගැනීම්, බෙලි කැපීම්, බල ලෝබය, ​ඊර්ෂ්‍යාව, වෛරය, පළිගැනීම්, ශාප කිරීම්, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම් වැනි දුර්ගුණ බොහෝය. අල්පේශාක්‍යයන්ට හැමවිටම සිදුවෙන්නේ මහේශාක්‍යයන්ගේ අහංකාරකම් බලන්නටය.


දේව සභාව කවරක් වුවත් එනම් ග්‍රීසිය, භාරතය, ඊජිප්තුව, රෝමය, සුමේරියාව, ඉන්කාව වැනි කුමන සංස්කෘතියක වුවත් හැම දිව්‍ය ලෝකයකම තිබෙන්නේ එක වගේම කතන්දරය. වෙනස් වන්නේ ඒ ඒ දෙවිවරුන්ගේත් දේවතාවියන්ගේත් නම් ගම් වාසගම් පමණි.  

භාරතයේ එහෙමත් නැත්නම් හින්දු මිත්‍යා කතා සාහිත්‍යයේ සඳහන් වෙන මෙම කතාව කෛරාටික නාරායනට ලක්ෂ්මිය සරණපාවා ගන්නට සිදු වූ ආකාරය විස්තර කෙරෙන්නකි. එහි මූලාරම්භය සිදුවෙන්නේ ඉන්ද්‍ර ඉසිවර දුර්වාස ශාප කිරීමෙනි.  


 


මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය


ඒ මොහොතේ ඉන්ද්‍රගේ දෙනෙත කඳුළින් පිරී තිබිණි. ඇසට දරාගන්නට බැරි වූ එකී කදුළක් ගිලිහී බ්‍රහ්මගේ දකුණු පයේ පිටිපතුල මතට වැටුණි.  

බ්‍රහ්ම හිත සංසුන් කරගත්තේය. ඉන්ද්‍ර තමන් කළ වරද ගැන වුවමනාවටත් වඩා කම්පාවෙන බව බ්‍රහ්ම තේරුම් ගත්තේය. ඔහු ඉන්ද්‍රගේ හිස මත දෝතම තැබුවේය.  



“සංසුන් වෙන්න”  



“ඉසිවර දුර්වාස ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි” මා කොතෙක් ඇවිටිලි කර සමාව ඉල්ලුවත් ඔහු සමාව දුන්නේ නෑ. නමුත් ඔහු හා කතාකර මා වෙත එල්ල කළ ශාපය ඉවත්කර ගැනීමට ඔබට පුළුවනි” ඉන්ද්‍ර යළි කීවේය.  



එහෙත් බ්‍රහ්ම කල්පනාවට වැටුණා මිස කිසිවක් ප්‍රකාශ කළේ නැත. මේ වනවිට ඉන්ද්‍ර, මුළු ජීවිත කාලයටම ප්‍රමාණවත් වන තරමේ පාඩමක් ඉගෙනගෙන සිටින බව ඔහු තේරුම් ගත්තේය.  

“දුර්වාස කියන්නෙ හිතුවොත් හිතුණු දේම කරන සෘෂි කෙනෙක්. එයා එක්ක කතා කරල ප්‍රශ්න විසඳගන්න අමාරුයි. ශාපය ඉවත් කරගන්න කියලා දුර්වාසට කිව්වට වැඩක් වෙන එකක් නැහැ. ඔහුගේ කේන්තිය ලේසියෙන් ඈත්වෙන්නේ නෑ”  



බ්‍රහ්ම තමන්ටම කියාගත්තේය. තම හිස දෙපසට සැලූ, බ්‍රහ්ම යළිත් කල්පනාවට වැටුණේය.   



“මේ ප්‍රශ්නෙට විසඳුම දුර්වාස එක්ක කතාබහ කිරීම නෙමෙයි. මේකට වෙනින් ක්‍රමයක් තියෙන්න ඕනෑ”  



ඉන්ද්‍රගෙ උද්දච්චකම පිළිබඳව හිතේ උපන් කේන්තිය දැන් බ්‍රහ්මගේ හිතෙන් පලාගොසිනි. ඔහුගේ ක්‍රියාව නිසා විපාක විඳින්නට සිදුව ඇත්තේ සමස්ථ දේව ලෝකයටමය. දෙවිවරුන් යනු ලෝකයේ ස්වභාවය පාලනය කරන්නවුන්ය. අව්ව, වැස්ස, මුහුද, සුළඟ, ගිනිකඳු ආදී වූ සියල්ල පාලනය කරන්නේ දෙවිවරුය. එහෙත් දැන් දෙවිවරුන්ගේ බලය ගිලිහී ගොසිනි. ඒ වෙනුවට දිව්‍ය ලෝකයේ බලය ඉන්ද්‍රගෙන් අසාධාරණයට අසුරයන් හිමිකර ගෙන ඇත.  



ඔහු ලෝකය මැවූ බව සැබෑ වූවත්, මැවූ ලෝකය වෙනස් කිරීමේ හැකියාවක් බ්‍රහ්මට තිබුණේ නැත.  



බලයෙන් පහවුණු ඉන්ද්‍ර නැවත වතාවක් දිව්‍ය ලෝකයේ අධිපති දෙවියා බවට පත්කරන්නේ කෙසේදැයි යන ගැටලුවට විසඳුමක් නොතිබිණි.  



අනික් අතට ඒ වෙනුවෙන් වැය කරන්නට තරම් කාලයක්ද නොවුණි. එබැවින් මේ ගැටලුව විසඳිය හැකි තැනැත්තා කවුදැයි කල්පනා කළේය.  



“අපිට යන්න සිද්ධ වෙනවා වෛකුණ්ටයට.. මට විශ්වාසයි විෂ්ණු ළඟ මේ ගැටලුවට විසඳුමක් තියෙනවා” ඉන්ද්‍ර්‍ කීවේ මද සිනාවකිනි.  



තද නිල් පැහැති සිරුරක් හිමි විෂ්ණු නොහොත් කෛරාටික නාරායන ත්‍රී මූර්තියේ ලෝකපාලකය. දෙව් ලොව කුමන ප්‍රශ්නයක් මතුවුවද ඒ හැම ගැටලුවකටම කදිම විසඳුමක් දෙන්නට විෂ්ණු කූට සමත් වේ.   



බ්‍රහ්ම ගේ උපදෙස් පරිදි, ඉන්ද්‍ර ඇතුළු පිරිවර විෂ්ණු බැහැ දකින්නට වෛකුණ්ඨයට ගියෝය.   



විෂ්ණු හමුවට ගිය ඉන්ද්‍ර දණ බිම ඇණ එම කෛරාටිකයාට ආචාර කළේය.   



“ඇයි කුමක්ද ගැටලුව?”   



තම අසුන මත හරි බරි ගැහුණු විෂ්ණු විමසුවේය.   



“සිදුව ඇති සියල්ල ඔබ මැනවින් දන්නවා. එබැවින් මාව තවදුරටත් පරීක්ෂාවට ලක්කිරීමෙන්වත් මා ලජ්ජාවට පත්කිරීමෙන්වත් ඵලක් නෑ. කරුණාකර මගේ ගැටලුවට විසඳුමක් දෙන්න උතුමාණෙනි.”   



ඉන්ද්‍ර කීවේ විෂ්ණුගේ දෙපා ස්පර්ශ කරමිනි.   



යළි ඉන්ද්‍ර දෙසට හැරුණු විෂ්ණු ඔහුගේ තියුණු දෙනෙතින් බලා සිටියේය.   


විෂ්ණු දෙවියන් හා දේව ලෝකයයේ සිත් දිනාගැනීමේ කූට උපක්‍රමයක් කල්පනා කර මෙසේ පැවසුවේය.



“මට ඔබට උපකාර කිරීමට පුළුවන් කමක් නෑ... ඔබට පිහිට විය හැක්කේ අසුරයන්ට පමණයි.”   



ඉන්ද්‍රගේ ඇස් උඩ ගියේය. විෂ්ණුගෙන් මෙවැනි පිළිතුරක් ඔහු බලාපොරොත්තු වූයේම නැත. සියලු බලාපොරොත්තු සුන්වූ කලෙක මෙන් ඔහුගේ හිත කඩා වැටුණි. ඉන්ද්‍ර, විෂ්ණු දෙස බලාසිටියේ පුදුමයට පත්වය.   



ඉන්ද්‍රගේ පසුපසට වී සිටි අනෙක් දෙවිවරුන්ද මේ පිළිතුරෙන් පුදුමයට පත්වූහ. එකිනෙකාගේ මුහුණු දෙස විමතියෙන් බැලූ ඔව්හු අවසානයේදී විෂ්ණු ළඟ නෙත් නතර කළහ.   

“උතුමාණනි.”   



අග්නි විශ්මිතව පැවසුවේය. එම කෛරාටික නාරායන සිනාවකින් යුතුව අග්නි දෙස බැලුවේය.   



“ඔබ දන්නවා නේද අපේ සාගරය තුළ සැඟව පවතින විශ්මිත දේ.”   



සියලුම දෙවිවරු ඔවුන්ගේ හිස් සෙළවූහ. ඒ කාලයේ පැවතියේ අතිශය ගැඹුරු සාගරයකි. මේ සාගරය කොයිතරම් ගැඹුරුද යත් සාගරයේ රහස් කිසිවක් ගැන කිසිවෙක් දැන සිටියේ නැත. සයුර ගවේෂණය කර ඒ රහස් හෙළිදරව් කරගන්නට සමතෙක් සිටියේද නැත. ඒ නිසා එකදු දෙවියෙක් වත් කටක් ඇර පිළිතුරක් දුන්නේ නැත.   



විෂ්ණුම පිළිතුර දුන්නේය. “මං හිතනවා ඔබේ පැතුම් ඉටුකළ හැක්කේ එයට පමණයි කියා.”  



වායු දෙවියාගේ දෙනෙත් පුළුල්ව ඇරිණි.   



“උතුමාණනි ඔබ පවසන්නේ අමෘතය ගැනද?”   



හැම දෙවියකුගේම ඇස් ඇරී, කටවල් පළල් විය.   



අමෘතය යනු අප්‍රමාණ බලයක් සහිත පානයකි. අමෘතය තොල ගෑ පසු ඒ පුද්ගලයා සදාකාලීකව තරුණව ජීවත්වෙයි. මරණය පරාද වෙයි. එය ඒ තරමටම බලසම්පන්න පානයකි.   

අග්නි වරුණ දෙස බැලුවේය. ඔහු තම විඩාපත් දෑසින් කෛරාටික නාරායන දෙස බලා සිටියේය. එහෙත් ඉන්ද්‍ර තුෂ්නිම්භූතව සිටියේ නැත.   



“නමුත් උතුමාණෙනි අමෘතය තිබෙන්නේ සාගරයේ ගැඹුරු පතුලේ. අපි ඒ සඳහා අසුරයන්ගේ උදව් ලබාගත යුත්තේ ඇයි? කරුණාකර පහදාදෙන්න.”   



විෂ්ණු සිය අත් දෙක කුස හරහා බැඳගත්තේය. ඉන්ද්‍රගේ නායකත්වය, සංවිධාන හැකියාව හා තීක්ෂණ බුද්ධිය පිළිබඳව විෂ්ණුට පුදුම සිතිණි.   



“ඉන්ද්‍ර.” කෛරාටික නාරායන පැවසුවේය.



“ඔබ දන්නවා අමෘතය තිබෙන තැන. ඒ ගැඹුරු සාගර පතුලෙ. එබැවින් අමෘතය මතුකර ගැනීමට නම් සාගර පතුල කැලඹිය යුතු වෙනවා. එසේ කළ හැක්කේ කුමකින්ද? මන්දර පර්වතයෙන්ම පමණයි. ඒ නිසා ඔබට සිදුවෙනවා මන්දර පව්ව සාගරය වෙත රැගෙන යන්නට. නමුත් මන්දර පව්ව තිබෙන්නේ අසුරයන් ළඟයි.”   



ඉන්ද්‍ර සියල්ල මැනවින් තේරුම් ගත්තේය. මන්දර පව්ව කැඩීමට අසුරයන්ගේ සහයෝගය අත්‍යවශ්‍යය. ඊළඟට ඔහුට මතුවූයේ වෙනත් ගැටලුවකි. ඉන්ද්‍ර විෂ්ණු දෙස බැලුවේය.   



“උතුමාණෙනි මන්දර පව්ව කඩාගන්නටත් ඊට පසුව එය සාගරය වෙත රැගෙන යෑමටත් විසල් කඹයක් අවශ්‍යයි. නමුත් කෝ අපට ශක්තිමත් කඹයක්.”   



“ඔබ නිවැරැදියි.” කෛරාටිකයා සිනාසුණේය.   



“ඔබට සිදුවෙනවා වාසුකීගේ සහාය ලබාගැනීමට. ඔහු තමයි සර්පයන්ට අධිපති දෙවියා. අමෘතයෙන් කොටසක් ඔහුට දෙන්නට පොරොන්දු වුවහොත් අනිවාර්යයෙන්ම ඔහු ඔබට උදව් කරයි.”   

ඉන්ද්‍ර හිස සැලුවේය.   



එහෙත් තව එකම එක ප්‍රශ්නයක් ඉතිරිව තිබේ. ඒ ප්‍රශ්නයට විසඳුම විෂ්ණු සතුව ඇතැයි සිතූ බැවින් ඉන්ද්‍ර නිහඬව සිටියේය.   



එහෙත් වරුණ එසේ සිතුවේ නැත. ඔහු වහා කෛරාටික නාරායනගෙන් මෙසේ ඇසුවේය. 


 

“උතුමාණෙනි අපි අසුරයන්ගේ සහාය ලබාගතහොත් ඔවුන්ටත් අමෘතයෙන් කොටසක් දීමට සිදුවෙනවා නේද? ඔවුන්ට අමෘතය නොදී සිටින්නේ කෙසේද?”   



සියලු දෙවිවරුන්ගේ ඇස් නතරවූයේ නාරායන අසලය.   



විෂ්ණු කළේ ඉතා තුඡ්ච කපටි සිනාවකින් මුව සරසා ගැනීමය.   



“මම ඒ ගැන බලාගන්නම්” විෂ්ණු කීවේය.   



තවදුරටත් ඒ ගැන තර්ක කිරීමට හෝ වෙහෙසවීමට අවශ්‍ය නොවේ. විෂ්ණු ගැන අල්පමාත්‍ර සැකයක් වත් තබා ගැනීමටද මෝඩ දේවතාවුන්ට අවශ්‍ය නොවේ. ඔහුගේ පහත් ඥාණය මගින් ඒ ගැටළුවට පිළිතුරු ලබාදෙනු නියතය. එබැවින් සියලු දෙවිවරු නිහඬව සිටියහ.   



කෛරාටික නාරායන සියලු දෙවිවරුන්ගේ අලස කම්මැලි මළානික මුහුණු දෙස බැලුවේය.   



“ඔබ තවදුරටත් අලස මළානික බව ගැන සිතීම අනවශ්‍යයි. ඉතා කඩිසර ලෙස ක්‍රියාකර අමෘතය ගැනීමට වෙහෙස විය යුතුයි. මට දුර්වාස ඉසිවරයාගේ ශාපය බලරහිත කිරීමට පුළුවන්කමක් නැති බව සත්‍යයක්. නමුත් මට පුළුවන් එහි බලය ප්‍රමාද කිරීමට. ඔබ අමෘතය සොයාගන්නා තෙක් එම ශාපය ක්‍රියාත්මක වන්නේ ඉතා හෙමින්.”   



සියලු දෙවිවරුන්ගේ මුහුණු සිනාවලින් ආලෝකමත් විය. ඔවුහු එක හඬින් එම කෛරාටික නාරායනට ස්තුති කළහ.   



“උතුමාණනි ඔබට ස්තුතියි.”   



ඉන්ද්‍ර ඇතුළු සියලු දෙවිවරු තම අසුන් වලින් නැගී සිටියේ පැමිණියාට වඩා කඩිසරවය. ඔවුහු යන්නට සැරසුණහ. 


 

“මතක ඇතිව වාසුකිගෙ වලිගය පමණක් භාවිතා කරන්න. කිසිවිටකත් ඔහුගේ හිස පෙදෙස යොදාගන්න එපා.”   



කෛරාටිකයා යළිදු කීවේය.   



ඊළඟට කළ යුතු වූයේ අසුරයන්ගේ සහාය ලබා ගැනීමය. ඒ සඳහා අසුර රජු වන බාලි හමුවීම අත්‍යවශ්‍ය වූයෙන් ඉන්ද්‍ර, අග්නි හා වායු අසුර ලෝකයට යන්නට තීරණය කළහ.   

ඔවුන් අසුර ලෝකයට ගියේ ආයුධ රහිතවය.   



බාලි රජුගේ ආරක්ෂාව බාර අමාත්‍යවරයා වූ කාල්නෙමි හමුවූ දේව පිරිස තම අවශ්‍යතාව පැවසූහ.   



ඒ මොහොතේ ඔහුගේ සිතෙහි හටගත් ක්ෂණික සිතිවිල්ල වූයේ තමා හා අනෙකුත් අසුරයන්ට එදා පටන් කළ අසාධාරණ කම් නිසා දෙවිවරු තිදෙනා මරා දැමිය යුතු බවය. ඔහුට පෙනුණේ මොවුන් තම සතුරන් බවය. විශේෂයෙන්ම දෙව්ලොව බලය තමන් සතුකරගෙන සිටින බැවින් දැන් දෙවිවරු යනු පොදු සතුරන්ය. ඔහු බාලි රජු අමතා තම අදහස පැවසුවේය.   



එහෙත් බාලි රජු ඊට එකඟවූයේ නැත. මෙය දෙවිවරුන්ගේ රැවටීමක් යැයි කියා.  



“දෙවිවරුන් මා වෙත එවන්න.”   



බාලි නියෝග කළේය.   



බාලි අබියස පෙනීසිටි ඉන්ද්‍ර අග්නි හා වායු තිදෙනා දෙස බාලි බැලුවේ විමසිල්ලෙනි. මොවුන්ගේ පැමිණීම ඔහුට විමතියට කරුණක් වූ බැවිනි.   



“අපි අදහස් කළා අමෘතය ලබාගැනීමට.. ඒ කටයුත්ත සඳහා ඔබේ සහාය ලබාගැනීමටයි අප පැමිණියේ..... හැබැයි ඔබ ඊට සහාය දීමට අකමැති නම් අප තනියම හෝ එය කරනවා.”   



ඉන්ද්‍ර සෘජු හඬින් පැවසුවේය.   



අමෘතය නැමැති බලසම්පන්න පානයක් සාගර පතුලේ තිබෙන බව අසා තිබුණු නමුත් එය ගත හැකි දෙයක් යැයි බාලි දැන සිටියේ නැත. සාගරය කලඹා එය ලබාගන්නට හැකිනම් ඊට දායක වීම සුදුසුයැයි දෙවියන්ගේ අසාධාරණකම් නිසා නැතිවූ අසුරයන්ගේ අයිතිවාසිකම් ලබාගන්න බාලිට සිතිණි. 


 

“නෑ ඊට අපේ උදව් ඔබට ලැබෙන්නේ නෑ.”   



ආරක්ෂක ඇමැතිවරයා සෘජු හඬින් පැවසුවේය.   



එහෙත් බාලි සිතා තිබුණේ මේ සඳහා තම දායකත්වය ලබාදීමටය.   



“නිහඬ​වෙන්න.”   



ඔහු තම ඇමැතිට පැවසුවේය.   



ඉන්ද්‍ර දෙසට හැරුණු බාලි ඉතාම මෘදු හඬින් කීවේ, තම සහාය ලබාදෙන බවය.   



දෙවිවරු සතුටට පත්වූහ. තම සැලැස්මේ ප්‍රථම පියවර සාර්ථක වී තිබේ.   



“ස්තුතියි අප නැවත පැමිණෙන්නම්.”



ඉන්ද්‍ර, බාලිට පැවසුවේය.   



අසුර භවනෙන් නික්මුණු දෙවිවරු ඊළඟට ගියේ වාසුකි හමුවීමටය. සියලු සර්පයන්ට අධිපති වූ වාසුකි හමුවී මේ බැරෑරුම් කාර්යයට ඔහුගේ සහාය ලබාගැනීම කළ යුතුමය.   



“වාසුකි.”   



ඉන්ද්‍ර පැවසුවේය.   



“අපි අමෘතය ගැනීමට අදහස් කර සිටිනවා. ඒ කටයුත්තට ඔබේ සහයෝගය අවශ්‍ය වෙනවා.” 


 

”එය බොහෝ බැරෑරුම් කටයුත්තක් නේද?”   



වාසුකි කල්පනාකාරීව විමසුවේය.   



“නිවැරැදියි. නමුත් එය කළ හැක්කක්. අපි අමෘතය ලබාගත් පසුව ඔබේ කොටස ඔබට ලබාදෙනවා.”   



ඉන්ද්‍ර කීවේය.   



“හොඳයි එසේ නම් මගේ උපකාරය ඔබට ලබාදිය හැකියි.”   



වාසුකී ගේ වදන් ඉන්ද්‍ර ප්‍රමුඛ දෙවිවරුන්ගේ සතුටට හේතුවිය. ඔවුන් නික්ම ගියේ නුදුරු දිනෙක තම කටයුත්ත කරන අදහසිනි.   



දින කිහිපයකට පසුව අමෘතය ලබාගන්නා සුන්දර දවස උදාවිය. සුර අසුර දෙපිරිසම මන්දර පව්ව අසලට ගියෝය. වාසුකී ගේ දිගු වලිගයෙන් මන්දර පව්ව ගැට ගැසූ පිරිස උගේ අනෙක් කෙළවරින් අදින්නට පටන්ගත්හ. තවත් පිරිසක් මන්දර පව්ව තල්ලු කරන්නට වූහ.   



එහෙත් මන්දර පව්ව කඩාගැනීම පහසු කටයුත්තක් වූයේ නැත. දෙපිරිස උකටලී වූයේවත් බලාපොරොත්තු සිඳ ගත්තේවත් නැත. නැවත නැවත උත්සාහ කර කෙසේ හෝ මන්දර පව්ව එහි පත්ලෙන් කඩාගත්හ.   



ඉන්ද්‍ර සතුටට පත්ව අත්පුඩි ගැසුවේය.   



වඩාත් අමාරු කටයුත්ත වූයේ මන්දර පව්ව සාගරය වෙත රැගෙන යෑමය. සුර අසුර දෙපිරිසම මන්දර පව්ව ඔසොවා ගත් අතර අඩිය අඩිය ඉදිරියට ගියෝය. එහෙත් එහි බර අසීමිත වූයෙන් මන්දර පව්ව සාගරය කරා ගෙනයෑම මේ විදිහට කිරීම අසීරු වූයේය.   



ඔසවා ගත් මන්දර පව්ව සුළු දුරකදීම බිම වැටුණේ එහි බර සුර අසුර දෙපිරිසට දරාගන්නට බැරිවූ බැවිනි. මන්දර පව්වට සුරයන්ද අසුරයන්ද බොහෝ ගණනක් යටවූහ.   

සිදුවූයේ ව්‍යසනයකි. මේ තත්ත්වය පිළිබඳව වඩාත්ම කණගාටුවට පත්වූයේ ඉන්ද්‍රය අමුරුතයට තියෙන තම තණ්හාව නිසා.



“දැන් අපි මොකද කරන්නෙ හුඟාක් දෙවිවරුන් මේ පව්වට යටවෙලා. ඒ අය බේරගන්නනම් මන්දර පව්ව ඉක්මනටම උස්සන්න වෙනවා.”   

අග්නි පැමිණ ඉන්ද්‍රගේ කණට කෙඳිරුවේය.   



“ඉතින් අපි මොකද කරන්නෙ මේ විදිහට මේ පව්ව සාගරයට ගෙනියන්න බැහැ අග්නි.”   



ඉන්ද්‍ර කීවේය.   



පසෙක වූ තුරුමුලක් මත වාඩිවූ ඉන්ද්‍ර තදින් හුස්මක් ගත්තේය. ඔහු සිටියේ නිසැකවම විඩාපත්වය. සිරුරට දැනෙන වෙහෙසටත් වඩා ඔහුට දැනුණේ මානසික වෙහෙසකි.   



ඔහු අහස දෙස බැලුවේය. 


 

”උතුමාණෙනි මට උදව් කරන්න අප කළ යුත්තේ කුමක්දැයි අපට හිතාගන්නටත් බැහැ. මන්දර පව්ව සාගරය වෙත රැගෙන යෑම සිහිනයක් පමණයි.”   



ඉන්ද්‍ර අහසට දෑත් දිගු කරගෙන ඇස් පියාගෙන කන්නලව්කරන්නට විය.  



“උතුමාණෙනි.”   



ඉන්ද්‍ර වහා කෛරාටික නාරායනගේ දෙපා මුල වැඳ වැටුණේය.   



විෂ්ණු එක් අතකින් මන්දර පව්ව ඔසොවාගත් අතර එය ඔහුගේ නිල ගමන් රථය වූ ගරුඬ පක්ෂියාගේ පිට මත තැබුවේය.   



ඉන්ද්‍ර විෂ්ණුගේ පාමුලින් නැගී සිටි විට ඔහු දුටුවේ අර තරම් බර මන්දර පව්ව ගරුඬ පක්ෂියාගේ පිට මත තබා තිබෙන අයුරුය.   



ඉන්ද්‍ර විශ්මිත දෑසින් විෂ්ණු දෙස බැලුවේය.



ඉන්ද්‍ර වහා දිවගියේ තම දෙවිවරුන් වෙතය. මන්දර පව්වට යටව සිටි දෙවිවරුන් මිය යන්නට ඇතැයි ඔහු සිටියේ කම්පාවෙනි තමාට අමෘතය ගැනීමට නොලැබේවි කියා බයට.



එහෙත් කෛරාටික නාරායන  කළේ කිසියම් මන්ත්‍රයක් ජප කිරීමය. ඒ සමගම මන්දර පව්වට යටව සිටි දෙවිවරු  හා අසුරයන් යළි ජීවය ලදහ.   



ඉන්ද්‍ර වහා ගොස් වායු වැළඳ ගත්තේය.   



“වායු මගේ මිත්‍රයා ඔබ ජීවතුන් අතර   



ඉන්ද්‍ර විමසුවේය.”   



“කුමක්ද සිදුවුණේ.”   



වායු ඇසුවේ පුදුමයෙනි. 


 

තමන් මන්දර පව්වට යටවූ බව වායු දැන නොසිටියේය.   



“මට මතක මන්දර පව්ව ඔසොවාගෙන ගිය බව පමණයි. ඊට පස්සෙ කුමක්ද සිදුවුණේ?”   



මන්දර පව්වට යටවූ අසුරයන්ද සිටියේ ජීවතුන් අතරය. එබැවින් කෛරාටිකයගෙ කූට සැලැස්මට මුලාවූ බාලි රජුගේ ස්තුතියද හිමිවිය.   



ඉන්ද්‍ර වායු හමුවේ දෙවිවරුනට සිදුවූ දේ පැවසුවේය. සියලු දෙවිවරුත් අසුරයනුත් විෂ්ණුගේ පාමුල වැටී ඔහුගේ දෙපා ස්පර්ශ කළහ.   



“ඔබට ස්තුතියි.”   



සියල්ලන්ගේම ස්තුතිය පිළිගත් විෂ්ණු ගරුඬ පක්ෂියාගේ පිට මතට නැගී මන්දර පව්වත් රැගෙන සාගරය වෙත ගියේය.   



ප්‍රීති ප්‍රමෝදයෙන් උදම් වූ සුර අසුර දෙපිරිසම සාගරය කරා යන ගමන ආරම්භ කළහ


පසුව සමුද්‍රය කැළඹීමෙන් අමෘතය බිහිවිය.

ඉන්ද්‍ර අමෘතය ලබාගැනීමට පෙර අසුරයන්ට ප්‍රථමයෙන් පවසා සිටියාමෙලෙස.


"දැන් අපගේ කාර්‍ය සම්පූර්ණයි, දැන් තිබෙන්නේ දෙවියන්ට අමෘතය පානය කරන්නයි, අසුරයන්ට අමෘතය සඳහා කිසිම අයිතියක් නැතැයි කියා ඔවුනට මෙහින් පළා යන ලෙසය.


ඉන්ද්‍රගේ කෝපය හා උද්දච්ච කමට එරෙහි වූ මහා බලී රජුගේ ආරක්ෂක අමාත්‍යවරයා වූ කාලනේමි අමෘතය බඳුන උදුරා ගෙන ගියේය.


කෛරාටික නාරායන මෝහිනී නම් ස්ත්‍රියකගේ අවතාරයක් මවාගෙන අසුරයන්ව තම වසඟයට ගෙන අමෘත පානය අත්ල මතට ගත්තේය.

ඉන්පසු මෝහිනී ලෙසින් පැමිණි ඒ කෛරාටිකයා මෙසේ පැවසීය.


සුර අසුර දෙපිරිසටම සංසුන්ව සිටින්නැයි පැවසුවා. තමන් දෙපිරිසටම අමෘතය සම සමව බෙදනවා යැයි කියා. සුර හා අසුර දෙපිරිසම මෝහිනී නම් එම කෛරාටික නාරායනගේ වෙස් ගැනීමට වසඟ වීමෙනුයි සිටියේ.


මෝහිනී පැවසුවා සුරයන් එක් පෙළක් ලෙසත් අසුරයන් එක් පෙළක් ලෙසත් පෙළගැසී සිටින ලෙස. එවිට සුරයන් හා අසුරයන් මෝහිනීගේ මතයට අවනත වී එසේ පෙළගැසී සිටියා.


පළමුව සුරයන්ට අමෘතය බෙදනවා යැයි මෝහිනී වෙසින් සිටි එම කෛරාටික නාරායන පැවසුවා. සුර අසුර දෙපිරිසම ඊට එකඟවූනා. 


මෝහිනී සුරයන්ට අමෘතය බෙදාගෙන පැමිණෙනවා. නමුත් අසුරයන්ගේ පෙළේ සිටි එක් අයෙකු වන සර්භානු නම් අසුරයා හට මේ සිදුවීම් පිළිබඳ සැකයක් ඇතිවනවා මෙය දෙවියන්ට පමණක් අමෘතය ලබාදීමට විෂ්ණු විසින් දරන ලද ප්‍රයත්නයක් කියා. මොහු එම සැකය නිසා දෙවියන්ගේ පෙළට මැදින් එක්වූවා. කෛරාටික නාරායන නොහොත් විෂ්ණු සමුදුර මතගෑමට පෙර පවසව්වා අසුරන්ට අමෘතය ලබාදීමට සිදුවුවහොත් එය තමන් වගබලාගන්නා බව. ඒ බව සුරයන් හට සිහිගැන්විය. සර්භානු සුරයන්ගේ පෙළේ සිටි නිසා ඔහුට අමෘතය ලැබීමට නියමිතයි. ඔහුගේ අත්ල මතට අමෘතය බිඳිති කිහිපයක් වැටුනා. ඔහු එය පානය කරන්නට ගත්තේය.


එය දුටු සූර්‍ය හා චන්ද්‍ර දෙවියන් මෝහිනී නොහොත් එම කෛරාටිකයාට මේ බව පැවසීය.ඒ වනවිට අමෘතය සර්භානුගේ උගුරෙන් පහළට නොගොස්‍ය තිබුණේ. උගුරෙන් පහළට අමෘතය ගමන් කිරීමට පෙර එම කෛරාටික නාරායන තම සුදර්ශන චක්‍රය ගෙන සර්භානුගේ හිස කඳින් වෙන්කරන ලදි.


හිස කඳින් වෙන්වනවාත් සමඟම උගුරෙන් පහළ දෙසටත් අමෘතය වැටුනේය. පසුව මොහුගේ ශරීරය දෙකඩ විය. එනම් හිස හා කඳ ලෙස.


මෙම සිදුවීමෙන් පසු එම කෛරාටික නාරායන නොහොත් විෂ්ණු සර්භානුගේ හිස රාහු ලෙසත් කඳ කේතු ලෙසත් නම්කර රාහු හා කේතු ලෙස ඡායා ග්‍රහයින් දෙදෙනෙකු නවග්‍රහ මණ්ඩලයට එක්කරන ලදි.


විෂ්ණුගේ ශාපය නිසා රාහු සදාකාලික අසුභ පාප ග්‍රහයෙකු ලෙසත් මෙන්ම කේතු යනු සදාකාලික උදාසීන ග්‍රහයෙකු ලෙස නම් කෙරුණි.


එම කෛරාටික නාරායන අසුරයන් හා කළ එම මහත් රැවටීම නිසා අසුරයන් හට දෙවියන් හා එම කෛරාටිකයා සමඟ මහත් වෛරයක් ඇතිවිය.


ඉන්පසු අසුරයන්ට සිදුකිරිමට යමක් නොමැති වූ නිසා පිටත්වගියේය.


විෂ්ණු නොහොත් කෛරාටික නාරායන සුරයන්ට පක්ෂපාතීව ක්‍රියාකර පෙර කියූ පරිදි සුරයන්ගේ හා දේවලෝකයේ සිත් දිනාගෙන සිටී මෙන්ම ත්‍රී මූර්තිය අතර බ්‍රහ්ම හා ශිවට වඩා කැපී පෙනීමට එම කෛරාටිකයා කූට උපක්‍රම යොදයි.


කෛරාටික නාරායන නොහොත් විෂ්ණු සුර අසුර යුද්ධ වෙත මැදිහත්වී සුරයන්ට පක්ෂපාතීව කටයුතුකරමින් දේව ලෝකයේ කා අතරත් කූට ලෙස කැපී පෙනීමට සමත් වී සිටියි. 


මෙම හේතූන් නිසා අසුරයන් විසින් කෛරාටික නාරායන වෙතින් වරදානයක් ලභාගැනීමට තපස් රකිනු ලබන්නේද ඉතාමත්ම දුර්ලභ අයුරින්‍ය.


එමෙන්ම හෙළයේ පළමු රජු වූ මහා සම්මත රජුගේ සිට මේ වනතෙක් මහා භාරතයේ මධුරාපුර සිටි අසුර රජු කම්සා සංහාරය කිරීම පිටුපස සිටින මහ මොළකරු වන්නේද ඔය විෂ්ණු නම් කෛරාටික නාරායනය!


උපුටා ගැනීම :- ලංකාදීප පුවත්පත හා මාගේ පෞද්ගලික දැනුම මතය.

Monday, April 12, 2021

රාමායණය අසත්‍යක් වන ආකාරය! रामायण कैसे झूठ है!


 රාමායණය කියන්නේ විෂ්ණුගේ 7 වන අවතාරය වූ රාමගේ ජීවන කතාව තුළ වූ සිදුවීම විකෘති කරන ලද වාල්මිකි විසින් ගොතන ලද කතාවකි. මෙමඟින් වාල්මිකී විසින් මෙය රචනා කිරීමට අරමුණ වන්නේ විෂ්ණුගේ සැබෑ නිරුවත හෙළිවීම වැළැක්වීම මෙන්ම තමාගේ රටේ සිටි තමා භගවාත් යැයි සලකන්නා බොරු කාඩ්බෝඩ් වීරයෙකු කර අනාගත පරපුරේ සිත්වල කොටින්ම කියනවානම් මොරාල් එකක් ඇතිකිරීමට එනම් අනාගතයේ භාරත ජනතාව තමාගේ රටෙහි සිටි එක් වීරයෙක් වන රාමා විසින් රාවණා නම් ලෝකයේ මහා රණශූරයෙකු පරාජය කරා ධාර්මික ක්‍රියාවක් කරා යැයි කියා ගැම්මක් ඇතිකිරීමය හා එමඟින් තමාද ලොවපුරා ජනප්‍රිය වීමට මෙය මගපාදා ගන්නා ලදි. මෙය අසත්‍යක් යැයි කීමට හොඳම සාක්ෂිය වන්නේ වාල්මිකී රාමායණයේ සඳහන් කර තිබෙනවා රාම හා සීතාගේ නිවුන් දරුවන් දෙදෙනා කුඩාකල හැදීවැඩුනේ වාල්මිකීගේ ආශ්‍රමයේ කියා. වාල්මිකී ජීවත්වූයේ රාම රාවණා අවසන් යුද්ධයෙන් වසර 2500කටත් වඩා පසුවය. ඉතිං කොහොමද රාමායණය සත්‍යක් වන්නෙ! අනෙක් අසත්‍ය කරුණ වන්නේ රාවණා රජු විසින් අමෘතය පානය කල බව කියා. අමෘතය යනු සමුද්‍ර මතගාන සමයේ දේවරාජ ඉන්ද්‍රගේ අනුවන ක්‍රියාව නිසා දුර්වාස සෘෂිගේ ශාපය මඟින් සුරයන්ගේ බලය හා කීර්තිය හා බලය නැතිවුනු අවස්ථාවේදී නැවත එම බලය හා කීර්තිය නැවත ලබාගැනීම හා අමරණීය වීමට පානය කරන ලද පානයයි. මෙය පානය කළා නම් කිසිම ආයුධයකින් හෝ මොනම ආකාරයකින්වත් මරණයට පත්කළ නොහැකියි. නමුත් රාමායණයේ වාල්මිකී කියනවා රාමගේ හී පහරින් රාවණා මියගියා කියලා. එය මෙය අසත්‍යක් යැයි පවසන අනෙක් සාක්ෂිය. තවත් කාරණාවක් නම් සමහරක් උදවිය පවසන රාවණා උත්තර භාරතයේ උපන්නායැයි කියා. රාවණා රජු ඉපදුනේ ලකේගල නොහොත් මාතලේ ලක්ගලයි. වාල්මිකී රාමායණයේ සඳහන් කර තිබෙනවා රාවණා සිටියා කියන්නේ මහරාෂ්ට්‍රා ප්‍රදේශයේ ලංකා නම් ස්ථානයේ කියා. ලංකාවේ රාවණා ඉතිහාසය ගවේෂණය කිරීමට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ඇතුළු බොහෝ මෝඩ තකතීරුවන්ට වුවමනා නොමැති වුවත් ඉන්දියානු පුරාවිද්‍යාඥයන් විසින් රාමායණයේ සත්‍ය අසත්‍ය දැනගැනීමට පිණිස රාමායණයේ සඳහන් වන ස්ථාන බොහෝ කැණීම් කර තිබෙනවා. රාවණා හා සම්බන්ධ යැයි වාල්මිකී රාමායණයේ සඳහන් කර තිබෙන ස්ථාන වල කැණීම් සිදුකිරීමේදී එහි සඳහන් වන පරිදි සාක්ෂි හමුවී නෑ මෙන්ම තවත් රාම හා සඳහන් වන ස්ථානද කැණීම් වලින් හමු නොවුනද එබැවින් පැහැදිලි ලෙස ඔප්පුවී තිබෙනවා වාල්මිකී රාමායණයේ බොහෝ කටස් අතින් දමා තමාගේ මනසේ ඇතිවූ සිතිවිල්ලක් අනුව මවාපාන ලද කාව්‍යක් කියා. ඇත්තම කියනවානම් මෙය උදාහරණයක් ලෙස 20 සියවසේ සිදූවූවා නම් මෙලෙස හිට්ලර් සීතාව රැගෙන ජර්මනියට ගියා රාම, ලක්ෂ්මන හනුමයි වානර සේනාවයි එහෙට විත් රාම හීයෙන් හිට්ලර්ට විද සීතාව නැවත භාරතයට රැගෙනගියා කියන සුරංගනා කතාවක් මෙය කිසි තර්කානුකූල බවක් නොමැති. මෙයින් පැහැදිලි වනවා ඇති රාමායණය ඇත්තක් යැයි පවසන උදවියට එය එකතරා මවාපෑමක් කියා!


रामायण वाल्मीकि की एक कहानी है जो विष्णु के 7 वें अवतार राम के जीवन की कहानी को विकृत करती है। वाल्मीकि के निबंध का उद्देश्य विष्णु की वास्तविक नग्नता को प्रकट होने से रोकना है, साथ ही एक झूठे कार्डबोर्ड नायक को बनाना है जो अपने देश में भगवद गीता होने का दावा करता है और संक्षेप में, भविष्य के दिमाग में एक मनोबल बनाने के लिए पीढ़ियों। यह एक अफवाह है कि हार एक धार्मिक कार्य था और इस तरह उसे दुनिया भर में लोकप्रिय बना दिया। यह बताने का सबसे अच्छा प्रमाण है कि यह असत्य है कि वाल्मीकि रामायण में कहते हैं कि राम और सीता के जुड़वा बच्चों को वाल्मीकि के मठ में लाया गया था। वाल्मीकि राम रावण के अंतिम युद्ध के 2500 साल से अधिक समय तक जीवित रहे। तो रामायण सच कैसे हो सकती है! दूसरा झूठ यह है कि राजा रावण ने अमृत पी लिया। समुद्र की यात्रा के दौरान देवराज इंद्र की मूर्खतापूर्ण कार्रवाई के कारण राक्षसों की शक्ति और महिमा और शक्ति बुरी दुष्टों के शाप से खो जाती है। अगर नशे में होता, तो उसे किसी भी हथियार या किसी भी तरह से नहीं मारा जा सकता था। लेकिन रामायण में वाल्मीकि कहते हैं कि राम के हाथों रावण मारा गया था। वह दूसरा प्रमाण है कि यह असत्य है। एक और तथ्य यह है कि कुछ लोग कहते हैं कि रावण का जन्म उत्तर भारत में हुआ था। राजा रावण का जन्म माटले में लेकगला या लकगला में हुआ था, वाल्मीकि रामायण में उल्लेख है कि रावण महाराष्ट्र राज्य में लंका नामक स्थान पर रहता था। हालांकि पुरातत्व के पूर्व निदेशक सहित कई मूर्ख, श्रीलंका में रावण के इतिहास का पता नहीं लगाना चाहते हैं, लेकिन भारतीय पुरातत्वविदों ने रामायण की सच्चाई और झूठ का पता लगाने के लिए रामायण में कई स्थानों की खुदाई की है। वाल्मीकि द्वारा रावण के संबंध में उल्लेखित स्थलों पर उत्खनन से उत्खनन का कोई प्रमाण नहीं मिला है, और यद्यपि खुदाई में वाल्मीकि द्वारा उल्लिखित अन्य स्थलों का खुलासा नहीं किया गया है, इसलिए यह स्पष्ट रूप से सिद्ध किया गया है कि वाल्मीकि एक ऐसे कवि थे जिन्होंने कई हिस्सों के बारे में सोचा था। रामायण के हाथ से। वास्तव में, यदि ऐसा 20 वीं शताब्दी में हुआ होता, उदाहरण के लिए, हिटलर सीता को जर्मनी ले गया होता। राम, लक्ष्मण हनुमान और वानर सेना वहां गए होते और यह हिटलर के भारत वापस ले जाने के बारे में एक परी कथा होती। । इससे पता चलता है कि जो लोग इसे सच कहते हैं उनके लिए रामायण एक दिखावा है!


ස්තූතියි.


धन्यवाद


✍️✍️✍️ by :-

සිව් හෙළ පරපුර (YKD production)