Wednesday, November 11, 2020

මිලින්දගේ ශ්‍රී ලංකාවේ හින්දු ඉතිහාස බොරුව




මෙහි සිටින්නේ මිලින්ද සුභාෂ් නම් අයෙක්‍ය. මොහු විසින් හින්දු අන්තවාදියෙක් වන ඉන්දියාවේ සිට මෙරටට පැමිණි තමිල් මාරන්ගෙ අන්තවාදී මත තදාත්මීකරණය කරගෙන බුදු දහම හින්දු ආගමට වඩා පහත් අන්දමට දමා පවසා තිබේ. මොහුම තමයි පෙරදී දේවී ශක්ති කියා දැන් සඳුන් දෙව්මිණ කියා, තව අධි යෝගී කියා, තව වෛදික පූජා පේජ් එක හා වෛදික පූජා වට්සැප් සමූහය යන හින්දු අන්තවාදී මත පතුරවන දේශද්‍රෝහියාය. මොහු පවසනවා ශ්‍රී ලංකාවේ පැරණිතම ආගම හින්දු ආගමලු එහි ඉතිහාසය අවුරුදු 2500ක් දක්වා ඈතට දිව යනවලු, ඒ සඳහා වූ පුරාවිද්‍යාත්මක සාක්ෂි රැසක් පවතිනවලු, හැබැයි ඒ මොනවාද ඒ සාක්ෂි කියා කමෙන් මඟින් හා ඉන්බොක්ස් මඟින් විමසන ලද අයව බ්ලොක් කිරීම සිදුකරනවා. මොහු විසින් පවසනවා බුදුවරුන් ශිවට වඩා පහත්ලු. සියළු බුදුවරු බුදුවීමට පෙර ශිව සමඟ ස්ත්‍රියක් ලෙස වාසය කරන්න ඕනිලු. නැත්නම් බුදුවරු පහළ වෙන්නේ නෑලු, ආය තවත් දවසකදී මොහු පවසනවා ත්‍රී මූර්තිය වන බ්‍රහ්ම,විෂ්ණු,ශිව යන අයගෙන් ශ්‍රේෂ්ඨතමයා වන්නේ විෂ්ණුලු, බ්‍රහ්ම,විෂ්ණු,ශිව යන මේ තිදෙනාම විෂ්ණුලු. විෂ්ණු තුළ බ්‍රහ්ම,නාරායන හා ශිව යන තිදෙනාම සිටීලු, විෂ්ණු තමයිලු ත්‍රී මූර්තියේ බලවත්ම කෙනා. පෙරදී මොහු පවසනවා සියල්ලටම වඩා උසස් ශිවය කියා. ඒ කියන්නේ බුදුන්ට පවා. පසුව පවසනවා විෂ්ණු සියල්ලන්ට වඩා උසස් කියා. තව මොහු විසින් අනුගමනය කරන හින්දු අන්තවාදියා වන තමිල් මාරන්ගේ අන්තවාදී දේශන පවත්වන ජෛ ශ්‍රී රාම් ගෲප් චැට් සමූහය තුල පවසා තිබෙනවා බුදුන් ත්‍රීමූර්තිය පිළිබඳ දේශනා කරා කියලා. මොවුන් විසින් බුදු දහම ගැනත් විවිධ මතවාද එම චැට් එක තුළ පළ කරනු ලැබුවා. නමුත් ඒවා හින්දු ආගමත් බද්ධ කොට විකෘති කරන ලද ඒවා හින්දු ආගමට වඩා බුදු දහම පහත්වන අන්දමින්. අප රාවණ භක්තික මිතුරන් විසින් නිවැරදි බුදු දහම පිළිබඳ ඒ සමූහය වෙත කරුණු ඉදිරිපත් කිරීමේදී එම මිලින්ද හා මාරන් ඒවා ප්‍රතික්ෂෙප කර ඔවුන්ගේ මතය පිළිගන්න යැයි තර්ජනය හා අපගේ ඉතිහාසයන්ට අපහාස කර ඔවුන්ව එම සමූහයෙන් නෙරපා ඔවුන්ගේ ගිණුම් වාර්තා කරද තිබුණා. මිලින්ද ඌ කාලි අම්මට මාර ආදරයක් තියෙන්නේ. ඌට උඩ බැලුවත් කාලි එහෙ බැලුවත් කාලි මෙහෙ බැලුවත් කාලි. හතරවටේටම ඌට කාලි. මොහු එක්තරා දවසක පවසනවා මහා කාලී දේවිය රාවණාගේ හිසගසා රුධිරය පානය කරා කියලා. ඉන්පසු නැවත එතුමිය රාවණාට ජන්මය දීලා එතුමිය රාවණා සදා සංහාරය කොට ජන්මය දිදී එතුමිය රාවණාගේ රුධිරයෙන් තෘප්තිමත් වෙනවලු. මොනතරම් මේ මිලින්ද කියන එකා මෝඩ හිවලෙක්ද බලන්න. රාවණා රජු හට භද්‍ර කල්පය තෙක් ආයුෂ තිබෙන බවට නොදන්න මොහු පවසනවා කාලි හිසගසා රුධිරය පානය කරාලු. තවද මොහු කියනවා රාවණා කියන්නේ ශිව භක්තිකයෙක් කියා. රාවණා කොහොමද ශිව භක්තිකයෙක් වෙන්නේ. එසේ නම් අපද අද වනවිට හින්දූන් වනවා. මොහු පවසනවා නල්ලූර් ඇතුළු මෙරට ප්‍රධාන හින්දු දේවාල 5ක් රාවණා ඒ කාලේ ශිව දෙවියන් වෙනුවෙන් හැදුවාලු, ඒකෙන් ඔප්පු වෙනවාලු රාමායණය ඇත්ත්ක් හා රාවණා කියන්නේ දෙමළ රජ කෙනෙක් කියා යැයි මොහු පවසනවා. නල්ලූර් ඇතුළු ශිව දේවාල 5 හැදුනේ චෝල පාණ්ඩ්‍ය ආක්‍රමණ කාල වකවාණු වලින් පසුව කියන්න මොහු දන්නේ නෑ. තව මොහු පවසනවා ශී ලංකාවේ පෙරදී බහුල වශයෙන් හිටියේ හින්දු ජනයාලු. මනින්දාගමනය නිසා හෙළයන් හින්දු ආගම අතෑරලා බුදු දහම වැළඳ ගත්තාලු. ඒ නිසා මෙරට සිටි හින්දූන් ඉන්දියාව වෙත ගියාලු එම සිදුවීම නිසා. තව මොහු පවසනවා ශ්‍රී ලංකාවේ හින්දු ආගම පරිහානියට ප්‍රභල ලෙස බලපෑවේ මහින්දාගමනය කියලා. මොහු පවසනවා පණ්ඩුකාභය, විජය සිටීමට පෙර මෙරට තුළ බ්‍රාහ්මණ ආගම තිබුණා කියා. බ්‍රාහ්මණ ආගම තිබුණා වුනත් මොහු දන්නේ නෑ හින්දු කියන්නේ බ්‍රාහ්මණ ආගමට නෙවේ කියන්න. බ්‍රාහ්මණ ආගම කියන්නේ මහා බ්‍රහ්මයාට පමණක් ආවේණික වූ ආගමක්‍ය. මොහු පවසනවා රාවණාගේ හිස් දහයෙන් නිරූපණය වන්නේ රාවණාගේ දුර්ගුණ කියා. ඇත්තට මූ මොනතරම් අවලමෙක්ද. රාවණාගේ හිස් දහයෙන් නිරූපණය වන්නේ දසවිධ ඥානයයි. මොහු පවසනවා මෙරටට නිදහස ලැබීමෙන් පසුවද මෙරට හින්දු ජනතාව මිලියනයකට අධික පිරිසක් මෙරට හැර ගියාලු. මෙරට දෙවනුවට මිනිසුන් අදහන ආගම වන්නේ හින්දු ආගමලු කියා මොහු පවසනවා. මොහු කියන්නෙ අසත්‍යක් චෝල පාණ්ඩව සමයේ ද්‍රවිඩයන් මෙරටට පැමිණියා. ඒ පැමිණි වු ශ්‍රී ලංකාවේ එවකට ජනඝහනයෙන් 10%ටත් වඩා අඩු පිරිසක්‍ය. නමුත් මෙම දරවිඩයනුත් බහුතරයක් දෙනා යුධ පරාජ නිසා ආපසු පළාගියා. හින්දූන් මෙරට දෙවෙනොයට අදහන ආගම නිසා ශීලාංකිකයන් හින්දූන් කියා ඔප්පු වෙනවා කියා මොහු පවසවා. යකෝ එහෙම වෙන්නේ තමිල්නාඩුවෙන් සුද්දො මිලියනයකට අධික වතු කම්කරුවන් මෙරටට ගෙන්වූ නිසා බව මේ අමන මිලින්ද, මාරන් ඇතුළු කල්ලතෝනීන්ට තේරෙන්නේ නෑ. ඔබ මොවුන්ට තවත් රැවටී සිටී නම් නොරැවටෙන්න. මහා නිරිඳු ශ්‍රී රාවණා රජු පිහිටයි! -✍️✍️✍️ ශුක්‍රාචාර්‍ය අසුරයා-

Saturday, September 12, 2020

මහා රාවණා රජුගේ හා හෙළයේ ලොකුම හතුරා වූ ත්‍රස්තවාදියෙකුට අසමාන නොවූ කෛරාටික නාරායන නොහොත් විෂ්ණු



රාවණ උපත සිදු වුනේ ලංකාව භාරතීය සුරයන්ගේ ආක්‍රමණවලින් මුදවා ගන්නනෙ. රාවණ කියන්නේ විශ්‍රස් මුණිගේ පුත්‍රයායි විශ්‍රස් මුණි කියන්නේ පුලස්ථි සෘෂිගේ පුත්‍රයායි පුලස්ථි සෘෂි කියන්නේ ත්‍රී මූර්තියේ ඉන්න මහා බ්‍රහ්මයාගේ එක් පුත්‍රයෙක්. ත්‍රී මූර්තිය කියන්නේ බ්‍රහ්ම,විෂ්ණු,ශිව කියන තිදෙනාටයි. බ්‍රහ්ම විසින් රාවණට අවශ්‍ය විටකදී උපකාරයට සිටියද විෂ්ණු සැමවිටම උත්සාහ කරේ රාවණව ඝාතනය කිරීමටයි. රාම කියන්නේ විෂ්ණුගේ 7 වෙනි අවතාරයයි. විෂ්ණු රාම අවතාරේ මැව්වේ රාවණා ඝාතනය කරන්නයි. බ්‍රහ්ම කියන්නේ ලෝකය නිර්මාණය කරන්නා විෂ්ණු කියන්නේ පාලනය කරන්නා ශිව කියන්නේ විනාශ කරන්නා. විෂ්ණු ලෝකපාලක විච්ච පළියට හිතාහෙන ඉන්නේ විෂ්ණුගේ බලයට වැඩිය බලවත් කෙනෙක් මේ ලෝකේ කොහේවත් ඉන්න බෑ කියලයි. ඇත්තම කියනවනං විෂ්ණු රාමව මැව්වේ රාවණාගේ බලයට ගොඩක් ඊර්ෂ්‍යා කරපු නිසා. විෂ්ණු එකේක විදිහේ උපක්‍රම යෙදුවා රාවණා ඝාතනය කරන්න. එකපාරක් විෂ්ණුගේ පරම බැතිමතා නාරදව යැව්වා යම ලෝකයට රාවණාට අයත් කාලදණ්ඩ යම රජට කියලා කම්පනය කරලා රාවණ ඝාතනය කරන්න. ඒ වෙලාවේ බ්‍රහ්ම එතනට ඇවිල්ලා යමටයි නාරදටයි තේරුම්කරන්න උත්සාහ කරා රාවණට නොකරපු වැරැද්දකට දඬුවම් කරන්න එපා කියා. බ්‍රහ්මගේ කීම ඔවුන් ප්‍රතික්ෂේප කලා. ඉන්පසුව නාරද රාවණා ගැන නොකරපු වැරදි මව මවා කියන්න ගත්තා. පසුව රාවණට ආරංචි වුනා තමා නොකරපු වැරැද්දකට යම හා නාරද තමාව ඝාතනය කරන්න යනබව. එවිට රාවණ යක්ඛ සේනා රැගෙන යමලෝකයට ආවා තමන් නොකරපු වැරැද්දකට දඬුවම් කරන එකට විරුද්ධව හා යම හා නාරදගේ අහංකාරය බිඳ දමන්න. යම විසින් රාවණට අයත් කාලදණ්ඩ කම්පනය කරනු ලැබුවා එවිට වූයේ රාවණගේ සේනාව භෂ්ම වී යාමයි. විෂ්ණු පිටසක්වල ජීවීන් ලවා රාවණ ඝාතනය කරන්න කටයුතු කරා. එවිට රාවණ එම පිටසක්වල ජීවීන්ගේ ලෝක යටත්කොටගෙන ඔවුන්ට තර්ජනය කරා තමා නොකරපු වැරැද්දකට හා වෙනත් අයෙකුගේ ඕනෑපාකම් වලට කටයුතු නොකර සිටිනලෙසටත්. ඒ විතරක් නෙවෙයි තව අවස්ථාවකදී ඉන්ද්‍ර (සක්‍ර) දෙවියන් ලවා රාවණ හට තර්ජන එල්ල කරනු ලැබුවා. එවිට රාවණ තුසිත දිව්‍යලෝකයට ගොස් ඉන්ද්‍ර දෙවියන්ව රැගෙනවිත් තමා නොකරපු වැරැද්දකට තර්ජන නොකරන ලෙස අවවාද කරනු ලැබුවා. ඒ විදිහට විෂ්ණු නොයෙක් නොයෙක් උත්සාහ කරා රාවණ ඝාතනය කරන්න. භාරතීය සුරයන්ගේ ආක්‍රමණ දිගින්දිගටම පැමිණි නිසා රාවණගේ නැගනිය සුපර්ණිකා හා රාවණගේ නැන්දණිය භාරතය වෙත පිටත් වුනා එම ආක්‍රමණ වැලැක්වීමට දණ්ඩක වනයට. විෂ්ණුට රාමව පාලනය කලහැකි නිසා රාමයි ලක්ෂ්මනයි සීතයි ගියා දණ්ඩක වනයට. එම වනයේ සිට ට්ක දවසක් ගතවන විට තමයි ලොකු ප්‍රශ්නයක් ඇතිවුනේ. රාම කියන්නේ විෂ්ණු වගේම ස්ත්‍රී ලොල් පුද්ගලයෙක්. ඈත අතීතයේ සිටි බොහෝ කාන්තාවන් විෂ්ණු භක්තික සෘෂිවරුන්ගේ බොරු අසා විෂ්ණු කෙරෙහි අන්ධ භක්තියක් ඇතිකරගෙන තපස්රැක්කා. විෂ්ණුගෙන් කවුරුහරි වරදානයක් ඉල්ලූවිට විෂ්ණු ලබාදෙන්නේ ඒකෙනාට අවශ්‍ය වරය නෙවෙයි ඔහුට අවශ්‍ය වරයයි. එසේ විෂ්ණු එම කාන්තාවන් මුලාකර එම කාන්තාවන්ව තමන් ආවාහ කරගත්තා එලෙස කිරීමෙන් විෂ්ණු 4000 පමණ බිරින්දෑවරු සිටින අන්තක්පුරයක් ගොඩනගා ගත්තා. එලෙසම රාමත් වෙන ස්ත්‍රීන් දකිනවිට තම බිරිඳ සීතාවද අමතක කර වෙනත් ස්ත්‍රීන් පසුපස ගිය අයෙක්‍ය. එයින් පැවසෙන්නේ රාම දණ්ඩක වනයේ සිටින විට රාම සුපර්ණිකාව දුටුවා. එවිට රාම සීතාව අමතක කර සුපර්ණිකා වෙතගොස් ඇයව තමන් වෙත පොළඹවා ගැනීමට ඇයට බලහත්කාරකම් සිදු කළේය. ඇය රාමව ප්‍රතික්ෂේප කළාය. එයට කෝපවූ රාම සුපර්ණිකාගේ නාසය කපා උදරයට හීයෙන් විදිනු ලැබුවේය. මෙය පසුව රාවණ වෙත ආරංචි වූයේය. රාවණ යුද සේනා රැගෙන භාරතයට පැමිණියේය. රාවණ ඒත් යුද කිරීමක් සිදුකලේ නැත සාකච්ඡා මාර්හයෙන් මෙය විසදාගැන්මට උත්සාහ කරා. එහෙත් රාම තමන් කලවැරද්ද පිළිගැනීමට කිසිසේත්ම සූදානම් වූයේ නැත. ස්ත්‍රියකගේ ඇති වටිනාකම රාමට තේරුම්කරන්න රාවණ සීතාව රැගෙන දඬුමොණරයෙන් ගියේය. පසුව රාවණ සීතාට රාමගේ වැරදි පිළිබඳ වටහා දුන්නේය. ඒ වෙනුවෙන් රාවණට කරන උපකාරයක් හා රාම කරපු වැරදි වලට ලබාදෙන දඬුවමක් විදිහටත් මෙහි රැදී සිටින්නට යැයි රාවණ සීතාට පැවසුවා. එවිට සීතා රාම පිළිබඳ සත්‍ය වටහා ගත්තාය. රාම වානර සේනා හා ලක්ෂ්මනයි හනුමානුයි සමඟ ගල් පාලමක් සාදා ඒ ආධාරයෙන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියා රාවණ ඝාතනය කරන්න. ඇත්තම කියනවානං රාම රාවණගේ අසලකටවත් ගොස් නැහැ. ඒ වගේම විෂ්ණුට තිබුණා ඇවිත් රාවණා සමඟ සටන් කරන්න. ඒත් විෂ්ණු රාවණ සමඟ සටන් කරන්න ආවේ නෑ. ඒ නිසා තමයි අවතාරය යැව්වේ රාවණ සමඟ සටන් කරන්න. එහෙව් එකේ රාමට පුළුවන්ද රාවණ සමඟ ද්වන්ධ සටනක් කරන්න. රාම වානර සේනාව පමණක් යවව්වා සටන්කරන්න. වානර සේනාව සටන්කරන්න යවලා රාම, ලක්ෂ්මන හා හනුමාන් පර්වතයක් පිටුපසටවී මුවා වී සිටියා. විභීෂණ දැනගත්තා ඔවුන් පැමිණ සිටින්නේ රාවණ ඝාතනය කරන්න කියා. හතුරාගේ හතුරා මිතුරා වේ යන කියමන නිසා විභීෂණටත් වුවමනා වන්නේ රාවණ ඝාතනය කරන්න නිසා විභීෂණ ඔවුන් වෙත ගොස් පැවසුවා ඔවුන්ට උදව්කිරීමට විභීෂණට හැකිබව. ඔවුන් විභීෂ්ණගේ උපකාරය පිළිගෙන විභීෂණට ඔවුන්ට උපකාර කරන්න යැයි පැවසුවා. විභීෂණ රාවණ සතුව තිබූ බලවත් ආයුදයක් රාම වෙත ලබා එය හීයේ සවිකොට රාවණට විදින්න යැයි පැවසුවා. රාම එසේ සිදු කලා එම හීය රාවණට වැදුනු පසු සුළු වේලාවකට රාවණ සිහිමූර්ඡා වූවා. එවිට රාවණාගේ ආත්මයට නැවත තමන්ගේ ශරීරයට යාමට නොහැකිවනු ලෙස ඒ කුරීරු විෂ්ණු හා ඔහුගේ පරම බැතිමතා නාරද බලවත් ශාපයක් සිදුකරනු ලැබුවා. ඉන් පසුව රාවණාගේ යක්ෂ සේනාවේ පිරිසක් ඔවුන් සතු මායා බලය උපයෝගී කරගෙන වානර සේනාවේ සිටි වානරයෙකුගේ ශරීරය රාවණගේ ශරීරයට සමාන ආකාරයට පත්කරනු ලැබුවා. රාවණාගේ ඇත්ත ශරීරය එම යක්ෂ සේනාවේ රැකවරණය මත තබාගනු ලැබුවා. රාවණගේ ශරීරයට සමාන ආකාරයට පත්කර තිබූ ශරීරය දුටු රාම ඇතුලු පිරිස සිතුවේ රාවණ මියගිය බවටය. මෙම සත්‍ය සිදුවීම ජනතාවට දැනගැනීමට සෘෂිවරු හා මුණිවරු ඉඩ තැබුවේ නැත. ඒ මෙම ආරංචිය නිසා ජනතාව මහත් ලෙස කම්පාවට පත්වන නිසා හා ඔවුන් දුර්වල වන නිසාය. රාමට රාවණව පාවාදීමට විභීෂණ උපකාර සිදුකළ නිසා රාම විභීෂණට රාජ්‍යත්වය ලබාදී හා විෂ්ණුට වරදානයක් දෙන්න පුළුවන් වගේම අවතාරයකටත් පුළුවන් වරයක් ලබාදීමට හැකියාවක් තිබුණා. එලෙස සිදුවීමෙන් එනම් මීට වසර 7700 කට පමණ පෙර ඉහතදී භාරතීයන් අපගේ රාවණා ඉතිහාසය පරිහානියට ඇද දැමුවා.
                           -නිමි-

✍️✍️✍️ 
ශුක්‍රාචාර්‍ය අසුරයා

Thursday, February 27, 2020

भगवान रावण वापस आएं और राक्षसों से इस भूमि को बचाएं! श्री रावण जया रावण रावण है!

भगवान रावण वापस आएं और राक्षसों से इस भूमि को बचाएं! श्री रावण जया रावण रावण है!